ලූල්කදුර (කොණ්ඩගල) ගවේෂණය -2025
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 26/25 දෙවන ගවේෂණය ලෙස ලූල්කදුර ගවේෂණය 2025.07.13 දින සිදු කරන ලදී.
දිනය ;2025/07/13
ගවේෂණ අංකය;02
ගමන් මාර්ගය ; පේරාදෙණිය -àහිදගල-àමහකන්ද--àගලහ-àදෙල්තොට-àලූල්කදුර
පිහිටීම; https://maps.app.goo.gl/aMHyJkFqGqsxMDnY7
මෙම ස්ථානය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට 1450 උසකින් පිහිටා ඇති සුන්දර තේවතු යායකි.මෙම තේ වතු යායේ එක් අන්තයක කොණ්ඩගල පිහිටා ඇත.
දර්ශන පතය; පිදුරුතලාගල, මොණරකන්ද, අලගල්ල,හන්තාන,නකල්ස්, ශ්‍රීපාදය,සප්ත කන්‍යා කදු වැටිය,කටුසු කොන්ද,චැරියට්පාත්,හුන්නස්ගිරිය
හැදින්වීම:
ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලූල්කඳුර වතුයාය, ලංකා තේ වල උපන් ස්ථානය සහ 1867 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් ආරම්භ කරන ලද රටේ පළමු තේ වතු වතුයාය ලෙස ඓතිහාසික වශයෙන් වැදගත් වේ. මෙම ස්ථානය ලංකාව ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් ලෙස ස්ථාපිත කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදී. ලූල්කඳුර වෙත පැමිණෙන නරඹන්නන්ට ජේම්ස් ටේලර්ට සම්බන්ධ ඓතිහාසික ස්ථාන ගවේෂණය කළ හැකි අතර, එයට ඔහුගේ කුටියේ නටබුන්, ඔහුගේ ළිඳ, ඔහුගේ ආසනය සහ මුල් තේ පැල්ලම වන "ක්ෂේත්‍ර අංක 7" ද ඇතුළත් වේ. ඔහුගේ නිවස පිටුපස ඇති කොන්ඩගල පර්වතයට යන ගමනේදී අවට භූ දර්ශනයේ පරිදර්ශක දසුන් ලබා ගත හැකිය.
ල්කඳුර වතුයායේ ස්වාභාවික වනාන්තර කොටස් ඇති වන අතර, ඒවා ආවේණික පක්ෂි විශේෂ සහ ප්‍රදේශය තුළ සමස්ත ජෛව විවිධත්වයට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම ස්වාභාවික වනාන්තර ප්‍රදේශය , තේ වතු හා සසඳන විට ඒවායේ වෘක්ෂලතා ව්‍යුහයෙන් වෙනස් වන අතර සංරක්ෂණ කටයුතු සඳහා වැදගත් වේ. මෙම පරිසරයේ බහුලව බඹර වද දැක ගත හැකි අතර එහි ගමන් කිරීමේදි ඒ පිළිබද අවදානයෙන් යා යුතු වේ
දැකගත හැකි සත්ත්ව විශේෂ;
ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂි විශේෂ 34 න් 17 ක් ලූල්කඳුර ප්‍රදේශයේ වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මයිනා,ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා,ශ්‍රී ලංකා සිතාසයා,ශ්‍රී ලංකා මානිලගොයා වැනි පක්ෂීන් මීට අයත් වේ.
මීට අමතරව, ලූල්කඳුර හි තර්ජනයට ලක්ව ඇති නව ආවේණික පඳුරු ගෙම්බෙකු වන Pseudophilautus dilmah සොයා ගන්නා ලදී.
දැකිය හැකි ශාක:
ඔබට වඩාත් කැපී පෙනෙන ලෙස දැකිය හැකි ශාකය තේ (කැමෙලියා සිනෙන්සිස්) වේ. 1800 ගණන්වල මැද භාගයේදී ජේම්ස් ටේලර් විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වගාව ලෙස ලූල්කඳුර වතුයාය ඓතිහාසික වශයෙන් වැදගත් වේ. මීවන ඇතුළු අනෙකුත් විවිධ ශාක ලූල්කඳුර වනාන්තර ප්‍රදේශයේ දක්නට ලැබුණද, ප්රමුඛ හා ඓතිහාසික වශයෙන් වැදගත්ම ශාකය තේ වේ.ලූල්කඳුර ප්‍රදේශය, විශේෂයෙන් එහි පහළ කඳුකර ප්‍රදේශය ,ආවේණික ශාක විශේෂ කිහිපයක් ඇති අතර, එහි ටෙරිඩොෆයිට් ශාක සමීක්ෂණයකින් ආවේණික විශේෂ තුනක් හඳුනා ගනී: ඒවනම් Cyathea walkerae, Meringium macroglossum, and Diplazium beddomei වේ.
මානව ක්‍රියාකාරකම් :
ශ්‍රී ලංකාවේ ලූල්කඳුර හි මානව ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ එහි ඓතිහාසික තේ වගාවන් සහ අවට ස්වාභාවික පරිසරය වටා වන අතර, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ සංරක්ෂණ ප්රයත්නයන් ඇතුළත් වන අතරම මානව-වනජීවී ගැටුම් වැනි අභියෝගවලටද මුහුණ දෙයි.තේ වගාවන්ට දිගු ඉතිහාසයක් තිබුණද, ඒවා ජෛව විවිධත්වයේ වෙනස්කම් සඳහා ද දායක වී ඇත. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දේශීය විශේෂවල වාසස්ථාන අහිමි වී ආක්‍රමණශීලී විශේෂ පැතිරීමට හේතු වී තිබේ. අනවසර ඉදිකිර්ර්ම් හා කදුකර ගිනි තැබීම් වැනි තත්ත්වයන්ද මෙහිදී දැක ගත හැකි විය. ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා දේශීය ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීමට සහ තිරසාර සංචාරක පිළිවෙත් මෙහෙයවීමට උත්සාහ කරනු ලැබේ.
ගවේෂණ සටහන:
විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 25/26 ගවේශණ වාරයේ 02වන ගවේෂණය ලෙස ලූල්කදුර ගවේෂනය සිදු කරන ලදී. 2025. 07.13 දින උදෑසන 7 වන විට ගවේෂකයන් සියයකට වඩා වැඩි ගණනක් විද්‍යා පීඨය වෙත පැමින සිටි අතර පෙ.ව.8.00 පමණ ගවේෂකයන් රැගත් බස් රථය විශ්වවිද්‍යාලයෙන් පිටත් විය .ගමන ආරම්භ කිරීමට පෙර සියලු දෙනා කණ්ඩායම් 4 කට බෙදුන අතර එක් එක් කණ්ඩායම් එක් එක් මාතෘකා යටතේ ගවේෂණය කිර්‍ර්මට වගකීම් බාර ගන්නාලදී.මෙලස ගවේෂණය ආරම්භ කල ගවේෂකයන් මහකන්ද හරහා දෙල්තොටට බස් රථයෙන් ගමන් කරන ලදී.
උදෑසන 10.30 පමණවන විට අප එම ස්ථානයට ලගා විය .ආරම්භක මාර්ගය පැහැදිලි මාර්ගයක් වූ අතර එය ෆයිනස් කැලයක් හරහා ගමන් කිරීමකි.මේ ගමන් මාර්ගයේදී අපට බබර වද දැක ගත හැකි වූ අතර ඒ ස්ථානවලින් ගමන් කිරීමේදී නිශ්ශබ්දව ගමන් කරන මෙන් අපට උපදෙස් ලැබිනි. මේ මාර්ගය අවට අනවසර නිවාස ඉදිකිරීම් ,ගිනි ගැනීමට ලක්වූ ස්ථාන දක්නට ලැබිනි.මේ මාර්ගය අවසන් වූයේ කුඩා කදුකර වනයකට ඇතුලු වීමෙනි.මෙහි ගමන් මාර්ගය තරමක් දුශ්කර වුවද එය ඉතාමත් කෙටි කාලයකි.එහි දිය කඩිති තැනින් තැන පිහිටා තිබූ නිසා පස ලිස්සන සුලු විය. මෙම මාර්ගය කෙලවර වූයේ අලංකාර තේ වතු යායකිනි. මෙම තේ වතු යායේ මද දුරක් ගමන් කිරීමෙන් පසු අපි කොණ්ඩගල ආරම්භක ස්ථානයට ලගා විය.ඉන්පසු අපි කොණ්ඩගල තරණය ආරම්භ කරන ලදී.මෙම මාර්ගය මදක් දුෂ්කර වූ අතර එහිදී බබර වද බොහෝමයක් දැක ගත හැකි විය.දහවල් 1 .00 පමණ වන විට අපි කොණ්ඩගල මුදුනට පැමිණ දහවල් ආහාරය ලබා ගන්නාලදී.
සියලු දෙනාම ආහාර ගැනීමෙන් පසු එකිනෙකා හදුනා ගන්නා ලදී. ගවේෂකයන්ගේ සංගමයේ සභාපති විසින් දර්ශන පථය හා ආවේණික ශාක පිලිබද විස්තර කරන ලදී .කාලගුණයේ හදිසි වෙනස්වීමක් මෙහිදී සිදු වූ අතර වර්ෂාපතනයක්ද ඇති විය.සියලු දෙනා ඡායාරූප ගැනීමෙන් පසු නැවත පිටත් විය .මෙහිදී අපි වෙනත් මාර්ගයක් භාවිතා කල අතර එය තේවතු යාය මැදින් ගමන් කර ගම්මානයකට ඇතුලු විය.මෙහිදී ජලමාර්ගවල දූෂණය බහුලව දක්නට ලැබුණි.ඉන්පසු කුඩා අඩිපාරක් හරහා ගමන් කල අපි බස් රථයට ලගා විය.අප නැවත විශ්වවිද්‍යාලයට පැමිණෙන විට හවස 6.30 පමණ විය.නැවත පැමිනීමෙන් පසු ගීත ගායනා කල සියලු දෙනා නැවත විසිර ගියේ අලුත් ගවේෂණයක් නැවත ආරම්භ කිරිමේ බලාපොරොත්තුවෙනි.
Album link - https://www.facebook.com/share/p/16daygiYgM/?mibextid=wwXIfr
සටහන :නදුනි මලීෂා (agri 21 -Dothalu)